Sunday, August 12, 2012

ඇරඹුම...!!




සයිබරයේ සිංහල ගී පද බ්ලොග් අඩවි හුගක් තියෙනවා. මේ හදන්නේ තවත් එකක් පටන් ගන්න. අන්තර්ජාලය තුළ අපි විවිධ අවස්ථාවල සිංහල ගී පද භවිතා කරනවා. උදාහරණයකට ෆේස්බුක් එකේ ස්ටේට් එකක් දාන්න, එහමත් නැත්තම් ගෘප් එකක පොස්ට් එකක් දාන්න ඕනේ වුණාම මං කරන්නේ සිංහල ගී පද තියෙන බ්ලොග් සයිට් එකකින් කොපි පේස්ට් කරන එක (ඕවා ටයිප් කර කර ඉන්න පුළුවන්ද). ඉතින් ඒ වගේ වෙලවට හිතට වැදුණු  සින්දුවක පද හොයා ගන්න අන්තර්ජාලය පිරුවත්, සමහර වෙලාවට හම්බ වෙන්නේ නැහැ.

සිංහල ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා.  ඒ හැම ගීතයකම පද අන්තර්ජාලයට එක්වෙලා නැහැ. මේ උත්සාහය අලුතෙන් එක් ගීතයක පද හෝ අන්තර්ජාලයට එක් කරන්නයි. ඒ වගේම අන්තර්ජාලය තුළ දැනට තිබෙන ගී පදත් මේ බ්ලොග් අඩවියේ ඇතුළත් වේවි.  පුළුවන් උපරිම ගී පද සංඛ්‍යාව, එකම තැනකින් ලබදෙන්නයි උත්සාහය.






ගී පද බ්ලොග් අඩවි පවත්වාගෙන යන හැමෝටම ස්තුතිවන්ත වෙනවා.තමුන්ගේ වටිනා කාලය කැප කරනවට. මොකද ඒ වගේ අඩවි වලින් හුගක් දෙනා ප්‍රයෝජන ගන්න හින්දා 

මේ වගේ දෙයක් කරද්දී ප්‍රධානම බාධකය තමයි කාලය. මේ වගේ දෙකට මට යොදවන්න පුළුවන් කාලය හුගක් අඩු හින්දා නිසැකවම සමහර අවස්ථාවල පද වල වචනවල අඩු පාඩු වෙන්න පුළුවන්. එහෙම දෙයක් දැක්කොත් කමෙන්ට් කරලා දැනුම් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම හැම ගීතයකම පද රචකයා, තනු නිර්මාපකයා වගේ තොරතුරු හොයා ගන්න අමාරුවෙයි. ඒ වගේ තැන්වලදී ඔබ තොරතුරක් දන්නවනම් කමෙන්ට් කරලා කියන්න        




එහෙනම්.. ඕනේ වෙලාවක ඇවිත් ගී පද අරගෙන යන්න...  :)



මේ ඇරඹුමයි....    







No comments: