මේ අයුරින් අපි සංසාරේ
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති...
මේ අයුරින් අපි දවසක් දා
අතරමගදි වෙන්වෙන්න ඇති...
සාලිය මාලා පෙම්බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇතී...
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇතී...
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇතී...
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නේ නැතී...
ආත්ම ගණනේ ඔබ පය පාමුල
මගේ කඳුලින් සේදෙන්න ඇතී...
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී.
◙ ගායනය : ටි.එම් ජයරත්න
► Video : http://youtu.be/4Gg4ldn0Wak
No comments:
Post a Comment