මේ සඳ වුනත් පායා ඇවිත්..
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්..
මේ හුලඟ මත් ආයෙත් ඇවිත්..
නුඹ හිද්දි දුන් සිසිල දුන්නා වුනත්...
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ............
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ...
ආයේ හිරු නැ...හෙට හුලඟත් නැ..
නුඹ ආවත් මේ රැය නැ...
ආයේ නුඹ නැ...දුක් කදුලුත් නැ...
රැය ආවත් මම නැ......
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ...
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ............
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ...
ආයේ හිරු නැ...හෙට හුලඟත් නැ..
නුඹ ආවත් මේ රැය නැ...
ආයේ නුඹ නැ...දුක් කදුලුත් නැ...
රැය ආවත් මම නැ......
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ...
ඔයා මට ජිවතය ගැන, ආදරය ගැන හුගක් දේවල් ඉගැන්නුවත්.. මට ජිවත් වෙන්න උගන්නපු ඔයාව... මාව ජිවත් කරවපු ඔයාව.. නැතුව ජිවත්වෙන්නේ කොහොමද කියලා ඉගැන්නුවේ නැහැ.ඔයත් එක්ක දැකපු හීනවලට මං කොච්චර ආදරේ කරත් ඔයා මාව දාලා ගිහින් ඉවරයි. අන්තිමට ඒ හීනවලට ආදරේ කරලා තියෙන්නේ මං විතරයි.
ජිවිතෙට පාට දීපු එකම හීනෙ ඇහැ ඉස්මත්තේම දියවෙලා ගියාම ජිවිතේ කියන්නේ බරක් විතරමයි අනු.
අවසනාවට, මට පින නැහැ ඔයා ගැන හිතාගෙන ජිවත් වෙන්න.
ඒත්... වාසනාවට මට පුලුවන් ඔයා ගැන හිතාගෙන මැරෙන්න !!
සතුටින් ඉන්න.
බුදු සරණයි !
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬
◙ ගායනය : බුද්ධික උෂාන්
◙ පද රචනය : ඉසුරු වීරසිංහ මුදලි
◙ සංගීතය : සංඛ දිනෙත්
◙ යුටියුබ් : http://youtu.be/1xrhwtlMDuU
◙ ඩවුන්ලෝඩ් : http://www.hirufm.lk/musicdownloads/download.php

No comments:
Post a Comment