Friday, August 31, 2012

සඳ වතුරක් සේ




සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ

උදා ළහිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා
සමිඳුණි ඔබ වේවා පහන් ටැඹ
මා ළය මඬලේ

මල් සුවඳක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා
සමිඳුණි ඔබ වේවා පිහිට මට
මේ බව කතරේ



.......................................................................
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය : එම්. ආර්. චූලසිංහ
ගායනය : ටී. එම්. ජයරත්න
යුටියුබ් : http://youtu.be/2Ezoc2Q1UnI


......................................................................




No comments: