Sunday, August 26, 2012

අන්න බලන් ඉඳිකඩ ළඟ



අන්න බලන් ඉඳිකඩ ළඟ කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් උඹ එනකම් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...

පුංචි දුවේ නුඹ යනකොට සුදු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මං තනි වෙනවා
ලඳු දෙණි මැද දෙවට දිගේ දොළ පාරින් එගොඩ වෙලා 
මගේ හිතෙත් මං ආයෙත් පාසැල් යනවා........

එක පුටුවක වාඩි වෙලා එක පැන්සල දෙකට කඩන්
අකුරු පිරුව කාලය නෑ ආයෙත් එන්නේ
මං නුදුටුව නව ලෝකයෙ කිරුළ පලන් රැජිණ වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ.......

අන්න බලන් ඉඳිකඩ ළඟ කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් උඹ එනකම් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ............



◙ ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Deepika priyadarshani peiris
¶ පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
♫ සංගීතය : රෝහණ වීරසිංහ
►වීඩියෝව : http://youtu.be/1WY8KPrMVBs





No comments: