Monday, August 13, 2012

මලක් වුනේ ඇයි නුඹ මට...






මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්

විලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සිහිල ගෙනෙන
දිය දෝතක් බොන්නට තහනම්


පහන් තාරකාවක් සේ
ජීවිතයේ මග කීවද...
ඒ එලියෙන් පහද පහන්
දල්වනු කෙලෙසින්


සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද...
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්


මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්


විලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සිහිල ගෙනෙන
දිය දෝතක් බොන්නට තහනම්


කියන්න....


ගායනය|Artist  : අමරසිරි පීරිස් | Amarasiri Peiris
◙  පද|Lyrics         : සමන් ආතාවුදහෙට්ටි
සංගීතය|Music  :  ???  ???? 
වීඩියෝ|Video : http://youtu.be/qsiYxFENfr4


No comments: