Sunday, August 26, 2012
ඕළු නෙලුම් නෙළුම් නෙරිය රඟාලා
ඕළු නෙලුම් නෙළුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වළා නඟාලා...//
ගඟුල් තොටිල්ලේ...මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා...
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ...
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ...//
කිරල කිරලි කූඩුවේ ලගී...
කුරුළු පන්ති නාද දී නගී...//
නැඹුරු වී බලා...කුඩා සුදු වළා...
ඔබේ රුවට වශී වෙලානේ...
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ...
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ...//
කබර ගොයා උගේ සුරතලී...
සොයා ඇදේ නගා දිය සුලී...//
කොකුම් කිරි වගේ...නැගේ වෙල දිගේ...
ඔබත් කොකුම් රැලක හැඩයිනේ...
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ...
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ...//
◙ ගායනය : සිසිර සේනාරත්න
₪ චිත්‍රපටය : රේඛාව (1956 - ලෙස්ටර් ජේම්ස් පිරිස්)
►වීඩියෝව : http://youtu.be/p6mi_0LoaPs
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Super 😳😊
Post a Comment